ඩෙංගු බෝකළ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලට නඩු.

Monday, 10 June 2013 - 18:46

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.

ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිසරය පවත්වාගෙන යාමේ චෝදනාව මත කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ පාලන අධිකාරියට එරෙහිව නඩු පැවරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන වෛද්‍ය නිළධාරී ප්‍රදීප් කාරියවසම් කියා සිටියේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන් විසින් ඊයේ (09) සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එහි තිබී මදුරු තවාන් රැසක් සොයා ගැනුණු බවයි. ඒ අනුව අදාළ තීරණය එළඹුණු බව  ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සදහන් කළා.

 

ආරක්ෂක අමාත්‍යාංශය සහ කොළඹ මහ නගර සභාව විසින් අද (10) දිනයේ දී ද කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඩෙංගු මර්ධන වැටලීම් ක්‍රියාත්මක කළා. එම වැටලීම්වලදී පුද්ගලයන් 26 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම්.

 
[MP3]s60713[/MP3]  



ආසාදිතයන් ඉහළ ගියත් ඉන්දියාව විවෘත කිරීම අඛණ්ඩව
Sunday, 31 May 2020 - 8:55

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙනු පැනවුනු සීමාවන් ජූනි 30 වනදා... Read More

ඊයේ දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ 1,727ක්
Sunday, 31 May 2020 - 8:52

කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්.... Read More

ලොව පුරා කොරෝනා මරණ 370,870ක්
Sunday, 31 May 2020 - 8:45

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 6153,379දක්වා... Read More