13 වෙනස් නොකරන්න. - රදගුරු සමුළුව.

Monday, 10 June 2013 - 18:56

13+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80.

පළාත් සභා ක්‍රමවේදය මේ මොහොතේ වෙනසකට භාජනය කිරීම, අසීරුවෙන් ලබාගත් සාමය නැවත වරක් අස්ථාවරයත්වයක් කරා ගෙන යාමට තුඩු දෙනු ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. එම සම්මේලනයේ සභාපති අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ මහලේකම් අති උතුම් වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන්ගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් එම සභාව මේ බව ප්‍රකාශ කළා.  

 

13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනසකට ලක් කරන්නේ නම් ඒ සඳහා පුළුල් මහජන කථිකාවතක් ඇති කළ යුතු බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙන්නේ. නමුත්, එවැන්නක් සිදුනොවන බව තම සම්මේලනයට පෙනී ගොස් ඇති බව ද අදාළ නිවේදනයේ සදහන්. එමෙන්ම පවත්නා ව්‍යවස්ථාවට විවිධ සංශෝධන එක් කරනවාට වඩා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා නව ව්‍යවස්ථාවක් සැකසීමට කාලය උදා වී ඇති බව ද එහි දැක්වෙනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව දැනට නියමිත උතුරේ පළාත් සභා ජන්දය පවත්වා නව ව්‍යවස්ථාව සකස් කිරීම සිදුකළ යුතු බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සිය නිවේදනය මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ.

 

මේ අතර, ඉඩම් සහ පොලිස් බලතල සහිතව උතුරේ ඡන්දය එපා යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ ආරම්භ කළ මහජන පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරය අද (10) බේරුවල නගරයෙන් ආරම්භ කරනු ලැබුවා. බේරුවල සිට හොරණ දක්වා මහජන අත්සන් එකතු කිරීමේ පෙත්සම් රථ පෙළපාලිය ගමන් කළ අතර අද (10) දිනයේ විශේෂත්වය වන්නේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරන නන්දන ගුණතිලක මෙම පෙත්සමට අත්සන් කිරීමයි. පෙත්සමට අත්සන් යෙදීමෙන් පසුව, මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක.

 
[MP3]s60714[/MP3]