අරුන්දිකගේ ප්‍රකාශය බැහැර නොකළ යුතුයි. - මානව හිමිකම් ඇස.

Monday, 10 June 2013 - 19:24

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B7%83.

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, අරුන්දික ප්‍රනාන්දු කළ ප්‍රකාශය අභියෝගයට ලක් කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසනවා. එහි ආසියානු අධ්‍යක්ෂ බ්‍රැඞ් ඇඩම්ස් කියා සිටින්නේ 2010 වසරේ අතුරුදන් වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබඳ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සුළුවෙන් බැහැර නොකළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වැඩි විස්තර හෙළිදරව් කර නැහැ. අදාළ තොරතුරු විමසීමේ වගකීම රජය වෙත පැවරී ඇති බවයි හියුමන් රයිට්ස් වොච් ආයතනය පෙන්වා දෙන්නේ.

 

අතුරුදන්ව බව සිටින බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුල්වරට සඳහන් කළේ පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්. ඉන් දින දෙකකට පසුව එනම්, පසුගිය 7 වැනිදා නැවත ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ තොරතුරු ලැබුණේ ප්‍රංශයේ සිටින මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධනගෙන් බවයි. එහෙත්, තමන්ට ප්‍රංශයේදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුණ නොගැසුණ බව මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන ප්‍රකාශ කර තිබුණා.

 

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගෙන් යළි කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් සිදුකළ ප්‍රකාශය වගකීමෙන් යුතු ප්‍රකාශයක් බවයි.

 

[MP3]s60722_1[/MP3]                          

 

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ද මාධ්‍යවේදීන් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිබඳව විමසීමක් කළා. ඊට අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s60722_2[/MP3]