ජාත්‍යන්තර ධීවරයන්ගේ සංසදය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි.

Tuesday, 11 June 2013 - 7:41

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයට ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් ධීවරයින් විපතට පත්වීම පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර ධීවරයින්ගේ සංසදය ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දුන් බවයි එම සංසදය පවසන්නේ. මුහුදු යාමට පෙර ධීවරයන් කාලගුණ අනාවැකි පිළිබද නිසි පරිදි දැනුවත්වී තිබුණේ ද යන්න මෙමගින් සොයා බලන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.