වැසි කුණාටුවෙන් මිය ගිය ධීවරයින් ගණන 43 දක්වා ඉහළට.

Tuesday, 11 June 2013 - 7:43

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+43+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.


 

වැසි කුණාටුව හසුව මිය ගිය ධීවරයින්ගේ සංඛ්‍යාව මේ වන විට 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම ධීවරයින් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර කියා සිටියේ තවත් ධීවරයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. ඔවුන් සොයා නාවික හමුදාව අද (11) දිනයේ ද මෙහෙයුම් දියත් කරන බව ඔහු සදහන් කළා.

 
[MP3]s60731_1[/MP3]

 

පසුගිය සති අන්තයේ ඇති වූ හදිසි කාලගුණ විපර්යාසය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ, තුවාල සහ අතුරුදන්වීම් පිලිබඳව සොයා බැලීමට කඩිනමින් කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම්වරයාට ඊයේ (10) උපදෙස් ලබාදී තිබෙනවා. ධීවර මරණ සිදුවීමට බලපෑ හේතු සහ ආරක්ෂාකාරි ක්‍රියාමාර්ග සලසා ගත හැකි වන පරිදි අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව විපතට පත්වූ ජනතාව දැනුවත්ව නොසිටියේ මන්දැයි සොයා බැලීම කමිටුවේ කාර්යභාරයයි. එහි සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ.ඩබ්ලිව් මොහොට්ටාල පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් වන්නේ ඒ. දිසානායක සහ සී. රාජපක්ෂයි.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (11) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්ත්වයක් ඇති විය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ.ඞී. සුජීව.

 
[MP3]s60731_2[/MP3]



රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි, නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි
Friday, 29 May 2020 - 13:06

මහාධිකරණය විසින් ඇප අවලංගු කරමින් පසුගිය 13 වැනිදා නිකුත්... Read More

කොරෝනා පාලනය සාර්ථක බැවින් මැතිවරණය පැවැත්විය හැකියි - එස්.බී.
Friday, 29 May 2020 - 13:03

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා රජය ගෙන යන සාර්ථක වැඩපිළිවෙළ... Read More

කුවේටයෙන් පැමිණි 3 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි
Friday, 29 May 2020 - 12:55

විදේශගතව සිට දිවයිනට පැමිණ කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 3 දෙනෙකු... Read More