හෙළ උරුමය ජනපති හමුවෙයි. - මු.කො. 13 සමගයි.

Tuesday, 11 June 2013 - 7:53

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B8%E0%B7%94.%E0%B6%9A%E0%B7%9C.+13+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B6%BA%E0%B7%92.



13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද සාකච්ඡා කිරීමට ජාතික හෙළ උරුමයේ නායකයන් ඊයේ (10) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. උතුරු පළාත් සභාව පිහිටුවීමට පෙර ව්‍යවස්ථාවට අත්‍යාවශ්‍යයෙන්ම සිදුකළ යුතු බවට ජාතික හෙළ උරුමය ඉදිරිපත් කර ඇති සංශෝධන 5 මෙහිදී සාකච්ඡාවට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම කරුණු 5න් දෙකක් අමාත්‍ය මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බව ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහගෙන් විමසා සිටියා.

[MP3]s60732_1[/MP3]

මේ අතර, ව්‍යවස්ථා සංශෝධනයකට සහයෝගය ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (10) රාත්‍රියේ දී රැස් වුණා. එහිදී තීරණය කර ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයකට සහයෝගය ලබානොදීමටයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක ෂාෆික් රජබ්දීන්.

 
[MP3]s60732_2[/MP3]