බම්බලපිටිය වෙරළ තීරයට තවත් මළ සිරුරක්.

Tuesday, 11 June 2013 - 8:17

%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.



පුද්ගල මළ සිරුරක් බම්බලපිටිය මුහුදු තීරයට අද (11) උදෑසන ගොඩගසා තිබෙනවා. බම්බලපිටිය පොලීසිය සදහන් කළේ පසුගිය දා මුහුදු ගොස් අනතුරට ලක්වූ ධීවරයෙකුගේ මළ සිරුරක් බවට මෙය සැක කරන බවයි. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත ශරීරය කළුබෝවිල රෝහල වෙත රැගෙන ගිය බව ද පොලීසිය සදහන් කළා. ඊයේත් බම්බලපිටිය වෙරළ තීරයට ධීවරයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබුණා. පසුගිය දා ඇති වූ වැසි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදු ගිය ධීවරයින් 43 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බවට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද උදෑසන ප්‍රකාශ කළා.