කටුගෙයින් සොරාගත් භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කරන්න.

Tuesday, 11 June 2013 - 8:18

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.


 

කෞතුකාගාර කොල්ලයේ සැකකරුවන් සතුව තිබී සොයා ගත් කෞතුකාගාරයට අයත් භාණ්ඩ සියල්ල වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ (10) රහස් පොලීසියට නියෝග කළා. මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ කැදවූ අවස්ථාවේදී මෙම කොල්ලයේ ප්‍රධාන සැකකරු වන කන්ගැට්ටා හෙවත් ලංසගේ ප්‍රියන්ත මේදිස් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

 

කෞතුකාගාර සොරකම සිදුවූයේ පසුගිය වසරේ මාර්තු 16 වැනිදායී. එහිදී රන්කාසී, මුදල් නෝට්ටු, කඩු, මුදු, සැරයටි මෙන්ම නුගවෙල අදිකාරම්ගේ බඳ පටියද සොරාගෙන තිබුණා. ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකිවූයේ පසුගිය ඔක්තෝම්බර් මස 27 වැනිදා මීගමුව ප්‍රදේශයේ සිටියදීයි.