ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට අලූත් පුහුණුවක්.

Tuesday, 11 June 2013 - 12:32

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

දැනට අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින ඩෙංගු රෝගය මර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂ අංශ නිලධාරීන්ට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර අද (11) ආරම්භ කළ අතර, එහිදී විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 75කට කීට විද්‍යා පර්යේෂණ සම්බන්ධව විශේෂ පුහුණුවක් ලබාදෙනු ඇති. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම පුහුණු වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ. මේ යටතේ විශේෂ කාර්ය බලකාය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ 200ක් පමණ පුහුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.