වගකීම භාර ගන්න. - ධීවර අමාත්‍යාංශය කාලගුණයට කියයි.

Tuesday, 11 June 2013 - 12:42

%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අයහපත් කාලගුණය සම්බන්ධයෙන් ධීවරයන් දැනුවත් නොකිරීම පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගකීම භාර ගත යුතු බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පවසනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශයේ දී අද (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය සෙනසුරාදා අලූයම් කාලයේ දී ඇති වූ මෙම වැසි කුණාටුවට හසුව මිය ගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම අතුරුදන්වූවන්ගෙන් බොහෝ දෙනෙකු මිය ගොස් ඇති බවට ද ඔහු සැක පළ කළා.

 
[MP3]s60757_1[/MP3]                                                                       

 

මේ අතර, ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා පත් කර ඇති කමිටුවේ පරීක්ෂණවලින් මෙහි සැබෑ තත්ත්වය හෙළි වනු ඇති බවයි.

 
[MP3]s60757_2[/MP3]