ප්‍රහාරයකින් විල්ගමුවේ සභාපති රෝහලේ.

Tuesday, 11 June 2013 - 19:14

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුලූ පිරිසක් සිදුකළ පහරදීමකින් මාතලේ විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කැපුම් තුවාල ලබා අද රෝහල් ගත කෙරුණා. තුවාල ලැබූ විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර පළමුවෙන් ඇතුළත් කෙරුණේ හෙට්ටිපොල රෝහලටයි. අනතුරුව ඔහු දඹුල්ල රෝහලට මාරු කර යැවුණා. ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

විල්ගමුව - කුඹුක්ඔය ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන දිවිනැගුම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ අවස්ථාවකට විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ ප්‍රදේශයේ ජනතාව සහභාගිවී තිබෙනවා. එම අවස්ථාවේදියි අදාළ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුලූ පිරිස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මෙලෙස පහරදී ඇත්තේ. පහරකෑමෙන් අනතුරුව හෙට්ටිපොළ රෝහලේ ප්‍රතිකාර ලබන අවස්ථාවේදී විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s60783_1[/MP3]                        

පහරදීම සිදුවන අවස්ථාවේදී සභාපතිවරයාගේ මවද එම ස්ථානයේ සිටි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහුගේ මව වන ආර්.කේ.ජී. සෝමාවතී.

[MP3]s60783_2[/MP3]       
                                               
අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විල්ගමුව පොලිස් ස්ථානයෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සභාපතිවරයාට පහරදීමේ සිද්ධියක් මේ වනතෙක් වාර්තාවී නොමැති බවයි.

[JPG]s60779_1[/JPG]

[JPG]s60779_2[/JPG]

[JPG]s60779_3[/JPG]