ජනපති සමන් දෙවිඳු පුදයි.

Tuesday, 11 June 2013 - 19:29

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

සමන් දෙවිඳු උත්තම සත්කාර පූජා උත්සවය සබරගමුව මහ සමන් දේවාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනා. දේවාල භූමියේ අභිනවයෙන් ඉදිකළ විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල සහ පුරාවිද්‍යා කෞතුකාගාරයද මෙහිදී ජනාධිපතිවරයාගේ අතින් විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සබරගමුව මහ සමන් දේවාලය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේ අද උදෑසනයි. දේවාල පරිශ්‍රයට පැමිණ සිටි බැතිමතුන් සමගද ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතවුණා.

මේ අතර රත්නපුර නව නගරයේ ආනන්ද මෛත්‍රී සංඝ රාජ විහාරයේ අභිනවයෙන් ඉදිකල චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවයද අද පැවැත්වුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ප්‍රථම මල් පහන් පූජාවද ජනාධිපතිවරයා විසින් සිදුකළා.