රටට හිමිදේ රැකගන්න. - ජනපති.

Wednesday, 12 June 2013 - 7:37

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

කොතැනක තිබුණත් රටට හිමිදේ ආරක්ෂා කරගැනීම සියලූදෙනාගේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ අපේ අතීත උරුමය සමස්ත රටවැසියන්ටම අයිති දෙයක් බවයි. ජීවිත පූජා කරමින් ලබාගත් ජයග්‍රහණය අනාගත පරපුරට ලබාදීමට නම් ඔවුන් යහපත් පරපුරක් ලෙස ගොඩනැගිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේ ඇහැලියගොඩ - නාපාවල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධර්ම මන්දිරය ඊයේ (11) විවෘත කරමින්.

 
කුමන දේශපාලන මතයක් දැරුවද රටට වැඩදායී අනාගත පරපුරක් බිහිකළ යුතුයි. මේ වනවිට නොයෙක් ආකාරයේ දෙස් විදෙස් බලපෑම් මව්බිමට එරෙහිව එල්ලවෙමින් පවතිනවා. ඒවා පිළිබඳව සියලූදෙනා අවධානයෙන් පසුවිය යුතු බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා. නීතිවලින් පමණක් හදවත් ගොඩනැගිය නොහැකි බව සිහිපත් කළ ජනාධිපතිවරයා යහපත් සිතුවිලිවලින් පිරිපුන් හදවත් ආගමික නායකයන්ට ගොඩනැංවිය හැකි බවද සඳහන් කර සිටියා.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More