වයඹ, මධ්‍යම, උතුර ඡන්දය එකම දිනකදී ?

Wednesday, 12 June 2013 - 12:52

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%2C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8%2C+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%3F

විසුරුවා හැරීමට යෝජනා වී ඇති වයඹ පළාත් සභාව සමග තවත් පළාත් සභා දෙකක මැතිවරණය එකවර පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. එම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් වයඹ පළාත් සභාව සමග මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණයද එකම දිනකදී පැවැත්වෙනු ඇති. උතුර පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් 07 වැනිදා පැවැත්වෙන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැතිඇමතිවරුන් මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළා. ඒ අනුව සැප්තැම්බර් 07 වැනිදා හෝ 21 වැනිදා උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභාවන්හි මැතිවරණය බොහෝදුරට පැවැත්වීමට ඉඩ ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව එම පළාත් සභා ජුනි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක විසුරුවා හැරෙනු ඇති.

 

කෙසේ වෙතත්, වයඹ පළාත් සභා මැතිවරණය ඊට පෙර පැවැත්වීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළව විවිධ අදහස් හුවමාරුවෙමින් පවතින බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ. යම් හෙයකින් වයඹ පළාත් සභා මැතිවරණය නුදුරේදීම පැවැත්වීමට රජය අවසන් මොහොතේ හෝ තීරණය කළහොත්, වයඹ පළාත් සභාව ඉදිරි දින කිහිපය තුළ විසුරුවා හැරීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.



මැතිවරණ පෙත්සම් සලකා බැලීම හෙට උදෑසන 10 දක්වා කල්තැබේ
Thursday, 28 May 2020 - 14:25

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය... Read More

මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු කැළණියේදී අත්අඩංගුවට
Thursday, 28 May 2020 - 14:24

කැළණිය - බුළුගහ මංසන්ධියේදී මත්පෙති සහ හෙරොයින් සමඟ පුද්ගලයෙකු... Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 18 ක ජල කප්පාදුවක්
Thursday, 28 May 2020 - 14:18

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක්... Read More