ධීවර අවදානම තවදුරටත්.

Wednesday, 12 June 2013 - 13:00

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

මන්නාරම සිට කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු සඳහා ඉදිරි පැය කිහිපය තුළ ද අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණකුලසූරිය සදහන් කළේ අද (12) සවස 6 පමණ වන තුරු මෙම මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි. එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බව ද ඇය කියා සිටියා.

 

[MP3]s60836_1[/MP3]                                                 

 

මේ අතර, ලක්ෂපාන, කැනියන්, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තුන බැගින් විවෘත කිරීම හේතුවෙන් එම ජලාශ ආසන්නයේ පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

 

[MP3]s60836_2[/MP3]                                              

 

පසුගියදා මුහුදේ ඇතිවු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුද මැදදී ධීවර යාත්‍රා අනතුරට ලක්වීමෙන් ධීවරයන් 53 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 16 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා සඳහන් කරන්නේ. මේ පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය පසුගිය දිනවල එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමේ තත්ත්වයක් දක්නට ලැබුණා. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ තමාගේ පාර්ශවයෙන් කිසියම් වරදක් සිදුවී ඇත්නම් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි. අද (12) උදෑසන හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහන වෙත අදහස් දක්වමින් ද අමාත්‍යවරයා මෙම අදහස ඉදිරිපත් කළා.

 

[MP3]s60836_3[/MP3]

 

මුහුදේ ඇතිවු කාලගුණ තත්ත්වය ෆැක්ස් පණිවුඩ මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය ආයතන දැනුවත් කර ඇති අතර, කෙසේ වෙතත්, හිරු මාධ්‍ය ආයතනයට අදාළ ෆැක්ස් පණිවුඩය යොමුකර නොමැති බව අමාත්‍යවරයා පිළිගත්තා.

 

[MP3]s60836_4[/MP3]

 

පසුගිය සති අන්තයේ ඇති වූ හදිසි කාලගුණ විපර්යාසය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ, තුවාල සහ අතුරුදන්වීම් පිලිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කමිටුවක්ද පත්කරනු ලැබුවා. ආචාර්ය ඒ.ඩබ්ලිව් මොහොට්ටාලගේ සභාපතිත්වයෙන් පත්කළ මෙම කමිටුවේ වාර්තාව ඊයේ ජනාධිපතිවරයා වෙත ලබාදී තිබෙනවා.

 

මේ අතර, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අනාවැකිය අද සිට හිරු සවස හය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ ගෙන ඒමට සූදානම්. පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ වැසි කුණාටු තත්ත්වය පිළිබඳ ඇමරිකානු කාලගුණ ආයතනය විසින් නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීමද මුල්වරට අනාවරණය කරන ලද්දේ හිරු ප්‍රවෘත්ති අංශයයි.



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More