අම්පාර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට.

Wednesday, 12 June 2013 - 19:03

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


 

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි අම්පාර නගර සභාවේ සභාපති ඉන්දික නලින් අද දහවල් අම්පාර පොලීසිය වෙත භාරවී තිබෙනවා. ඊයේ (11) පස්වරුවේ අම්පාර නගර සභාවේ කාර්යාලයේදී සැකකාර සභාපතිවරයා මෙලෙස පහරදී තිබුණේ අම්පාර නගරයේ ආපන ශාලා හිමියෙකුටයි.

 

ප්‍රහාරයට ලක්වු ආපනශාලා හිමිකරු වන ඉමෝෂ් තිවංක සඳහන් කළේ නගර සභා, සභාපතිවරයා තමාට දුරකතනයෙන් කතා කොට කිසියම් ගැටළුවක් විසඳා ගැනීමට තම සොහොයුරන් දෙදෙනාට නගර සභාවට පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි. පසුව තමාද නගර සභාවට ගිය බවත් එහිදී සභාපතිවරයාගේ නිල කාමරයේදී එම ප්‍රහාරය එල්ල වූ බවත් ඔහු සඳහන් කළා. පහරකෑමට ලක්වු මෙම ව්‍යාපාරිකයා මේ වනවිට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන පහරකෑමට ලක්වූ ව්‍යාපාරික ඉමෝෂ් තිවංක.

[MP3]s60859[/MP3]

ප්‍රාදේශීය දේශපාලනඥයින් විසින් පුද්ගලයින්ට පහරදීමේ සිද්ධීන් පසුගිය සති කිහිපය තුළ විටින් විට වාර්තාවුණා. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිදුකළ  පහරදීමක් හේතුවෙන්.