අවදානම් කාලගුණය තවදුරටත්.

Wednesday, 12 June 2013 - 19:49

%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.



මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වූ මුහුදු තීරයේ ධීවර සහ නාවික කටයුතුවලට තවමත් අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අන්තර්ජාතික කාලගුණික තොරතුරු සපයන වෙදර් ඩොට් කොම් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ  හෙට දිනයේ කොළඹ දිස්ත්‍රික්කයට වැසි ඇති වීමට සියයට 60ක සම්භාවිතාවක් පවතින බවයි. මහනුවර දිස්ත්‍රික්කයට සියයට 80 ක් වැසි ඇති වීමේ සම්භාවිතාවක් පවතින අතර හම්බන්තොට දිස්ත්‍රික්කයට වැසි ඇතිවීමේ සම්භාවිතාව සියයට 80 ක්.

 

කෙසේ වෙතත්, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය ප්‍රකාශ කළේ සක්‍රීයව පවතින මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලටද අද රාත්‍රියේද තද සුළං සමග වැසි ඇතිවිය හැකි බවයි.

 
[MP3]s60867[/MP3]