ශ්‍රී ලාංකිකයන් සිටියේදැයි නිල තොරතුරු අද.

Thursday, 13 June 2013 - 7:55

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF.


 

 ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණය වීමට ගොස් ක්‍රිස්මස් දුපත ආසන්නේය අනතුර පත් යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් සිටින බවට මෙතෙක් තමන් වෙත නිල තොරතුරු ලැබී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ එවැනි අනතුරක් පිළිබඳව  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇති බවයි. එම කරුණ පිළිබඳව  ඕස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා විමසීමක් කර ඇති බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා. ඒ අනුව ඊට අදාළ වාර්තාවක් අද (13) දිනයේදී තමන් වෙත ලැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව එම සංක්‍රමණික යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයන් සිටීද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු ප්‍රකාශ කළ හැකි බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

 ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණය වීමට ගොස් ක්‍රිස්මස් දුපත ආසන්නයේදී අනතුරට පත් යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් සිටි බවට  ඕස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කරනවා. ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අනතුරට පත්වූ යාත්‍රාවේ සිට ඇති බවයි එම වාර්තා අනාවරණ කළේ.

 

පසුගිය බදාදා මෙම යාත්‍රාව මුල්වරට  ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂකයින් විසින් නිරීක්ෂණය කර ඇති අතර එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 55 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවයි  ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඊයේ වාර්තා කළේ.

 

 

කෙසේ වෙතත් මෙම යාත්‍රාවේ සිටි පුද්ගලයන් ඉරාන, ඉරාක, ඇෆ්ගනිස්ථාන හෝ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් විය හැකි බවටයි  ඕස්ට්‍රේලියානු මාධ්‍ය සැක පළ කළේ. මේ සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එරට අග්‍රාමාත්‍ය ජූලියා ගිලාඞ් අනවසරයෙන් සංක්‍රමණය වීමේ අවදානම පිළිබඳව යළි සිහිපත් කිරීමක් කළා.

[MP3]s60877[/MP3]