ධීවරයින්ට අවදානම දැනුම්දීමට වෙනම ආයතනයක් අවශ්‍යයි. කාලගුණය

Thursday, 13 June 2013 - 7:58

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.++%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA

ධීවරයින් සඳහා පණිවුඩ නිකුත් කිරීමට වෙනත් විශේෂ ආයතනයක් ස්ථාපිත කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි අධ්‍යක්‍ෂ එස්. ආර්. ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ධීවරයින් සඳහා පණිවුඩ නිකුත් කිරීම තම ආයතනය සතු කාර්යයක් නොවන බවයි. කාලගුණය පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කර තාක්ෂණික තොරතුරු සැපයීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය බවයි ඔහු සඳහන් කළේ.

[MP3]s60878_1[/MP3]

ඒ සඳහා උදාහරණ කිහිපයක්ද අධ්‍යක්‍ෂකවරයා මෙලෙස පැහැදිළි කළා.

 

[MP3]s60878_2[/MP3]

 

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (12) සවස 3.53 ට අප වෙත යොමුකරන ලද ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ සඳහන් ෆැක්ස් පණිවුඩයෙහි මුහුදේ තත්ත්වය පිළිබඳව සඳහන්ව තිබුණේ මේ ආකාරයටයි.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක වන අතර පැයට කිලෝමීටර් 70 පමණ දක්වා සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරමිනුයි.

 

 

මෙහි ඍජුවම ධීවර සහ නාවික කටයුතු සඳහා නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයෙන් සඳහන් කර තිබුණා.

 

කෙසේ වෙතත් අප සවස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඇමතූ අවස්ථාවේ එහි සිටි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරිය අපට කළේ මෙවන් අදහසක්.

 

[MP3]s60878_3[/MP3]

 

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ සවස නිකුත් කළ නිවේදනයේ සහ එම අවස්ථාවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරියගේ ප්‍රකාශය අතර පරස්පරයක් දක්නට ලැබුණා.

 

කෙසේ වෙතත් ධීවර ජනතාව සඳහන් කරන්නේ කාලගුණ විපර්යාසයන් පිළිබඳව කළින් දැනුවත් කිරීම තම ජීවිත ආරක්ෂා කරගැනීමට පිටුවහලක් වන බවයි.

 
[MP3]s60878_4[/MP3]



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More