ධීවර තොටුපල රැසකට කාලගුණ තොරතුරු ලබාගැනීමේ බාධා.

Thursday, 13 June 2013 - 12:41

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.

නැංගුරම් සහ කුඩා තොටුපලවලට කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සංඥා පද්ධතියක් සවිකළ යුතු බව ධීවර සංගම් පෙන්වා දෙනවා. දැනට මෙැවනි සංඥා පද්ධති සවිකර ඇත්තේ ධීවර වරායන් 19 ක් සඳහා පමණයි. එහෙත් මෙරට ස්ථාපිත ධීවර නැංගුරම් සහ කුඩා තොටුපවල් සංඛ්‍යාව 900 ක්. ඒවාට කාලගුණ විපර්යාස පිළිබඳ දැනුම්දීම සඳහා ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් හදිසි කාලගුණ විපර්යාසයකදී ඉන් ධීවර රැකියාව සඳහා පිටත්වන ධීවරයින්ගේ ජීවිත  අවදානමට ලක්වන බවයි සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ ප්‍රකාශ කළේ. ආරක්ෂිත කබා ධීවරයින් නොපැළඳීම පසුගියදා ඇතිවූ වැසි කුණාටුවේදී ධීවර මරණ ඉහළ යාමට හේතුව බවයි ධීවර අමාත්‍යාංශය පැවසුවේ.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන්ද සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළා.

 [MP3]s60899_1[/MP3]                    

ධීවරයින් සඳහා පණිවුඩ නිකුත් කිරීමට වෙනත් විශේෂ ආයතනයක් ස්ථාපිත කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද අදහසයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන එහි අධ්‍යක්‍ෂ එස්.ආර්. ජයසේකර.

[MP3]s60899_2[/MP3]

කෙසේ වෙතත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඊට  ප්‍රතිචාර දක්වා සිටියා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කාලගුණය පිළිබඳ තොරතුරු සැපයීම ධීවර අමාත්‍යාංශයට සිදුකළ නොහැකි බවයි.

[MP3]s60899_3[/MP3]                  



කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More