13 ගැන කථා කිරීමට අමාත්‍ය මණ්ඩලය රැස්වේ.

Thursday, 13 June 2013 - 12:56

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.



අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වනවිට අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. පළාත් සභා බලතල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය ඇමති මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එහිදී ආණ්ඩුවේ අනෙකුත් පක්ෂවල අදහස් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් සතියක කාලයක් ලබාදී තිබෙනවා. එම සතියක කාලය අදින් අවසන් වනවා.

 

රජය විසින් ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තම ස්ථාවරය ඊයේ ලිඛිතව ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා. ඒ අනුව ඉදිරිපත් කර ඇති සංශෝධන දෙක සඳහා තම පක්ෂයේ විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලී හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. අදාළ සංශෝධන පිළිබඳව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට නොගන්නා ලෙස වාමාංශික පක්ෂද ඊයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම රැස්වීම පැවැත්වෙන අතර එහිදී විසුරුවා හැරෙන පළාත් සභා සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතයි. එමෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද අවධානය යොමුකරනු ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More