ජාතික සංවිධාන එකමුතුව ජනමත විචාරණයක් ඉල්ලයි.

Thursday, 13 June 2013 - 13:16

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සඳහා තුනෙන් දෙකේ බලය ලබාගැනීමේ ප්‍රහේලිකාවක් පවතින බැවින් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව 13 ට එරෙහි ජාතික සංවිධාන එකමුතුව පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර කියා සිටියේ ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

[MP3]s60904[/MP3]

rn


මේ අතර මෙරට 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඉන්දියාවේ නිව් ඉන්දියා එක්ස්ප්‍රස් නම් වෙබ් අඩවිය අද වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දීය රජයේ උසස් නිලධාරියෙකු උපුටා දක්වමින් එහි සඳහන්ව තිබුණේ 13 වන සංශෝධනයට ශ්‍රී ලංකා රජය ගෙන ඒමට බලාපොරොත්තු වන සංශෝධන සඳහා ඉන්දීය රජය දැඩි අප්‍රසාදයක් පළකරන බවයි. එම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදවලට යහපත් ප්‍රතිඵලයක් අත් නොවන බවයි ඉන්දීය රජයේ උසස් නිලධාරීවරයා එම වාර්තාවේ පෙන්වාදී ඇත්තේ. 13 වන සංශෝධනයට කිසිදු සංශෝධනයක් ඇතුළත් නොකල යුතු බවට සිය විදේශ අමාත්‍යවරයා මීට පෙර ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වෙත රාජතාන්ත්‍රිකව දැනුම් දුන් බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More