විපක්ෂ නායකවරයා ජනපති හමුවීමට සූදානම්.

Thursday, 13 June 2013 - 19:00

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති උතුරු පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා තමන් ඇතුළු නියෝජිත පිරිසකට අවස්ථාවක් ලබාදෙන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලිපියක් යොමුකරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ සැප්තැම්බර් මාසයේදී උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බවයි. එම තීරණය මෙම වසරේ සම්මත කර ගැනුණු ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් යෝජනාව සක්‍රීය කිරීමක් බවද විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා. උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැත්වීම සඳහා වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරුණු කිහිපයක් ද විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්. 18 වන සංශෝධනය අහෝසි කර 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම, පොලිස් කොමිසම ශක්තිමත් කිරීම, උතුරේ ආණ්ඩුකාර ධුරය සඳහා සිවිල් පුද්ගලයෙකු පත් කිරීම සහ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායමකට ආරාධනා කිරීම එම කරුණුයි.



ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 62 ලක්ෂය ඉක්මවයි
Monday, 01 June 2020 - 6:54

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 62 ලක්ෂ... Read More

දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Monday, 01 June 2020 - 6:03

සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Monday, 01 June 2020 - 5:56

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More