13 සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.

Thursday, 13 June 2013 - 19:06

13+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

පළාත් සභා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්වීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබූ හැකියාව ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අද (13) හිමිවුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වු කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අතර, 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සිදුකිරීමට නියමිත අනෙකුත් සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර එහිදී ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ජා කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් අදහස් දැක්වු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

 

[MP3]s60928_1[/MP3]                             

 

අද (13) උදෑසන රැස්වු කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් වාද විවාදවලින් සමන්විත වූ සාකච්ජාවක් බවට පත්වුණා. එහිදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර සහ විමල් වීරවංශ, රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන් අතර වාද විවාද ඇතිවු බවටයි ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් ද අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

 

[MP3]s60928_2[/MP3]                                            

 

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඊ.පී.ඞී.පී. නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහභාගී වී නැහැ. කැබිනට් අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ 13 වන සංශෝධනයේ ඉවත් කළ යුතු වගන්ති සම්බන්ධයෙන් යළිත් වරක් සන්ධානයේ පක්ෂ නායකයින් රැස්වී තීරණයක් ගන්නා ලෙසට ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද අද රාත්‍රියේදී රැස්වීමට නියමිත අතර, එහිදීද මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව එම අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

 

මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ජාතික සංවිධාන එකමුතුව පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර යළි අවධාරණය කළේ මැතිවරණය පැවැත්වීමට පෙර 13 වන සංශෝධනයේ අන්තර්ගත පොලිස් සහ ඉඩම් බලතල අහෝසි කළ යුතු බවයි. ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොලැබුනහොත්, ජනමත විචාරණයක් පවත්වන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

 

[MP3]s60928_3[/MP3]                                                

 

පළාත් සභා ක්‍රමවේදය මේ මොහොතේ වෙනසකට භාජනය කිරීම, අසීරුවෙන් ලබාගත් සාමය නැවත වරක් අස්ථාවරයත්වයක් කරා ගෙන යාමට තුඩු දෙනු ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා ප්‍රකාශ කළා. ජාතික සංවිධාන එකමුතුව පැවැත්වු මාධ්‍ය හමුවේදී ඊට ප්‍රතිචාර දැක්වූයේ එහි මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරයි.

 

[MP3]s60928_4[/MP3]                               

 

පළාත් සභා ක්‍රමය රැක ගැනීම සඳහා වන දකුණු පළාත් සභා මන්ත්‍රී එකමුතුවද අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් එක්ව සිටි එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු මෙහි කැඳවුම්කරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න.

 

[MP3]s60928_5[/MP3]                                         

 

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ලබන 16 වැනිදා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වනවා. එම සන්ධානය විසින් කළ ඉල්ලීමකට අනුව එම නියෝජිත පිරිස ඉන්දියාව බලා පිටත්ව යන අතර සංචාරයේදී 13 වන සංශෝධනය ඇතුළු දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු කිහිපයක් පිළිබඳව ඉන්දීය නායකයින් දැනුවත් කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ  වාහන තදබදයක්
Monday, 01 June 2020 - 9:27

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 9:04

මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පෙරේදා වෙඩි... Read More

මොණරාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Monday, 01 June 2020 - 8:43

මොණරාගල, තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී සිදුවූ  වෙඩි තැබීමකින්... Read More