එජාපයේ නව ව්‍යවස්ථා යෝජනාවලිය මහ නාහිමියන් වෙත.

Thursday, 13 June 2013 - 19:38

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD.

එක්සත් ජාතික පක්ෂය විසින් සම්පාදනය කරනු ලැබු ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව විද්වතුන් දැනුවත් කිරීමේ හමුවක් අද මහනුවරදී පැවැත්වුණා. ඊට එක්වු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනට පවතින අධිකරණ පද්ධතිය වෙනුවට ව්‍යවස්ථාදායක උසාවියක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

 

[MP3]s60930_1[/MP3]                                     

 

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා කෙටුම්පත අද (13) පස්වරුවේ අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වුවා.

 

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මෙම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ජා කිරීමට සූදානම් බවට එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් තම පක්ෂයේ අදහස කුමක්ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කළා. ඊට පිළිතුරු ලබාදුන් මාධ්‍ය හමුවට එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ බලය ලබා ගැනීම සඳහා දෙයක් වන න්‍යාය පත්‍රයක කොටස්කරුවන් වීමට තම පක්ෂය සූදානම් නොමැති බවයි.

 

[MP3]s60930_2[/MP3]



කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වේ
Wednesday, 27 May 2020 - 10:10

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත කර තිබෙනවා.... Read More

වැස්සත් සමඟ දිස්ත්‍රික්ක 7කට නාය යාමේ අවදානම්
Wednesday, 27 May 2020 - 9:20

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 7ක නායයෑම්,... Read More

ඇඳිරි නීතිය කැඩූ තවත් 411ක් අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 9:15

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More