13 ගැන කැබිනට් තීරණයට නිදහස් පක්ෂයේ අනුමැතිය.

Friday, 14 June 2013 - 7:45

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.



13 වැනි සංශෝධනය පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊයේ (13) ගනු ලැබූ තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී අනුමැතිය හිිමිව තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වුණා. 13 වැනි සංශෝධනය යටතේ තිබූ පළාත් සභා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්වීම සම්බන්ධයෙන් එම වගන්තිය ඉවත් කිරීමට සහ අනෙකුත් සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිවුණා. ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 
මීට අමතරව, උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේ මෙම පළාත් සභා මැතිවරණ පැවැත්වීම කෙරෙහි එහිදී අවධානය යොමුවුණා. මේ අතර, පළාත් සභා මැතිවරණ මෙහෙයවීම සඳහා අදාළ පළාත් තුනට අමාත්‍යවරුන් තුන් දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කමිටු පත් කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ තීරණය කළා. ඒ අනුව වයඹ පළාත් සභාව සඳහා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, මධ්‍යම පළාත සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උතුරු පළාත සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටු පත් කෙරෙනු ඇති.



ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More