ඇමරිකාවෙන් සිරියාවට රසායනික අවි චෝදනා.

Friday, 14 June 2013 - 7:55

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.



 

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදා විසින් රසායනික අවි භාවිතා කළ බවට සාක්ෂි පවතින්නේ යැයි ඇමරිකාව යලි චෝදනා කළා. ධවල මන්දිරය ඊයේ (13) නිවේදනය කළේ විපක්ෂයේ කැරලිකරුවන්ට එරෙහිව මෙලෙස සුළු පරිමාණයෙන් රසායනික අවි භාවිත කර ඇති බවයි. එවැනි ප්‍රහාර වලින් අවම වශයෙන් 100 ත් 150 ත් අතර පිරිසක් මියගිය බවයි ජනාධිපති බැරැක් ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදා රසායනික අවි භාවිත කිරීම ඇමරිකාවේ සීමාව ඉක්මවා යන මොහොත ලෙස ජනාධිපති ඔබාමා මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව, විපක්ෂයේ කැරලිකරුවන්ට අවි සැපයීමට ඇමරිකාව එය හේතුවක් කර ගනු ඇතැයි ආරක්ෂක විචාරකයන් පෙන්වා දෙනවා. මේ අතර, සිරියානු සිවිල් යුද්ධයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව මේ වනවිට 93,000 ඉක්මවා ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා.



ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More

ඉන්දියාව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන්  සංඛ්‍යාව වාර්තා කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 10:55

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,767ක්... Read More