පොලිසියෙන් කියා ලග්ගල නිවසක කෝටි එකහමාරක් කොල්ලකයි.

Friday, 14 June 2013 - 12:41

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.


මාතලේ - ලග්ගල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රත්රන් සහ මුදල් කොල්ලකෑ සැකකරුවන් සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් 5 ක් පත් කර තිබෙනවා. ලග්ගල පොලිසියේ ස්ථානාධිපති හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිටත් අදාළ පොලිස් පරීක්ෂණ කණ්ඩායම් 5 ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි. මීට අමතරව, ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ආ දුරකථන මාර්ග ඔස්සේ ද පරීක්ෂණ මේ වනවිට ආරම්භ කළ බවයි ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


ඊයේ රාත්‍රියේ කඩා වැඳුනු කොල්ලකරුවන් පිරිස ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී ඇත්තේ පොලිසියෙන් යැයි බව පවසමින්.  නිවැසියන් කාමරයක සිරකොට රත්රන්, මුදල් සහ මැණික් ගල් කොල්ලකා පලා ගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ කොල්ලකන ලද රත්රන් සහ මුදල්වල වටිනාකම රුපියල් කෝටියක් බවයි. මීට අමතරව, නිවසේ තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් ද කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් තිබෙනවා. රාත්‍රියේ 8 පමණ වෑන් රථයකින් පැමිණි 5 දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිස පැය 3 කට පමණ කාලයක් එම නිවසේ රැඳී සිට ඇති බවයි ලග්ගල පොලිස් ස්ථානය සඳහන් කළේ. කෙසේ වෙතත්, එම ව්‍යාපාරික යූ.ජී.මුතුබණ්ඩා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ කොල්ලකරුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් පැමිණ මෙම කොල්ලකෑම සිදුකළ බවයි.

[MP3]s60974_1[/MP3]

ඊයේ රාත්‍රියේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට ව්‍යාපාරිකයාගේ බිරිඳ ද මෙසේ අදහස් දක්වා සිටියා.

 [MP3]s60974_2[/MP3]