13 ගැන ජානිපෙ, හෙළ උරුමය විශේෂ සාකච්ඡාවල.

Friday, 14 June 2013 - 12:48

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99%2C+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD.

13 වන සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (13) අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයත් සමගම ඒ සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ අදහස් දැක්වූ දේශපාලන පක්ෂ සිය ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වනවා. 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් කිරීම සම්බන්ධයෙන් පැවති වගන්තිය ඉවත් කිරීමටත්, 13 සංශෝධනය සම්බන්ධයෙන් අනෙක් කරුණු සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළා.

මෙම තීරණයත් සමග 13 වන සංශෝධනයට විරෝධතාවය පළ කර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ සිය පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අද සිය දේශපාලන මණ්ඩලය කැඳවා තිබෙනවා. එහිදී ඊයේ අමාත්‍ය මණ්ඩලයේදී ගත් තීරණය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීරණය ගන්නා බවයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s60975_1[/MP3]

මීට අමතරව, ජාතික හෙළ උරුමය ද මේ සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

කෙසේ වෙතත්, 13 වන සංශෝධනය ඉවත් කිරීමට දැඩි විරෝධය පළ කර වාමාංශික පක්ෂ ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණය ජයග්‍රහණයක් ලෙස සලකනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් එස්.සුදසිංහ.

 
[MP3]s60975_2[/MP3]



හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More

පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් විරෝධතාවක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:22

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More

වසර 8ක් තිස්සේ ඵලක් නොමැති ජල යෝජනා ක්‍රමයක් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:19

කුරුණෑගල මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් විශාලතම වැව වන නාරම්ගොඩ... Read More