ප්‍රාදේශීය දේශපාලනඥයන් මාධ්‍යවේදීන්ටත් අත තබයි.

Friday, 14 June 2013 - 18:49

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.

මාතර - දෙනියාය හිරු ප්‍රාදේශීය වාර්තාකරු රනිල් ප්‍රියංකරට හා ඔහුගේ කැමරා ශිල්පී චතුර ලක්මාල් ගුනියන්ගොඩට අකුරැස්ස පොලීසියට ආසන්න ප්‍රදේශයකදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මුනිදාස ගමගේගේ ආධාරකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ප්‍රහාරයට ලක්වූ අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සදහන් කළේ.

 

මාතර - මාරඹ - ඉලූක්පිටිය මාර්ගයේ ඉලූක්වත්ත ප්‍රදේශයේ දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස කූඩාරම් ඉදිකර ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරක් ලැබුණා. එම කූඩාරම් ඉදිකර තිබුණේ හිටපු සභාපතිවරයාගේ නිවසේ පැවැත්වෙන විවාහ උත්සවයක් හේතුවෙන්. එය වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය වාර්තාකරුවන් ආපසු එමින් සිටියදී හිටපු සභාපති මුනිදාස ගමගේගේ ආධාරකරුවන් යතුරුපැදි උපයෝගී කර ගනිමින් පසුපසින් හඹාවිත් පහර දී තිබෙනවා.  මේ වන විට පහරකෑමට ලක්වූ දෙනියාය අප ප්‍රාදේශීය වාර්තාකරුවන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මාතර රෝහලේ ප්‍රතිකාර ලබන හිරු ප්‍රාදේශීය වාර්තාකරු චතුර ලක්මාල් තම අත්දැකීම මෙසේ පැහැදිලි කළා.

 

[MP3]s61004_1[/MP3]                                                                                 

 

ප්‍රහාරයට ලක්වූ අනෙක් ප්‍රාදේශීය වාර්තාකරු රනිල් ප්‍රියංකරයි. ඔහුගේ හිසට සහ සිරුරේ තවත් ස්ථාන කිහිපයකටම පහරදීමෙන් ආබාධ සිදුවුණා. මේ වන විට ඔහු අකුරැස්ස රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා.

 

[MP3]s61004_2[/MP3]                                                                                   

 



මෙම පහරදීමට විරෝධය පළ කරමින් මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පිරිසක් අද  (14) පස්වරුවේ මාතර රෝහල ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වූවා.

 

පහරදීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මුනිදාස ගමගේගෙන් විමසීමක් කළා. ඔහු ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

 

[MP3]s61004_3[/MP3]                                                                            

 

හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයින් මෙන්ම වර්තමාන පළාත් පාලන නියෝජිතයන් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය දිනවල දිගින් දිගටම පුවත් වාර්තා වුණා. අකුරැස්ස ප්‍රාදේශීය සභාවේම සභාපතිවරයා වූ සාරුව ලියනගේ සුනිල් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 14 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර නගර සභාවේ සභාපති ඉන්දික නලීන් පොලීසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රාජකාරී කටයුතුවල නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන්.

 
මේ අතර, තංගල්ල නගරයේ දී බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද තංගල්ල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් පසුගිය වසරේ අත්අඩංගුවට ගනු ලැබුවා. පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ අගෝස්තු 1 වන දායි.



කොරෝනා ආසාදිතයින් 1801ක් - 19ක් අදත් සුවය ලබයි
Friday, 05 June 2020 - 18:56

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More