ජනපති මැදවච්චිය බස් නැවතුම්පොල විවෘත කරයි.

Saturday, 15 June 2013 - 8:25

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මැදවච්චිය  නගරයේ නව බස් නැවතුම්පොළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (14) විවෘත වුණා. මැදවච්චිය නගර මධ්‍යයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ද වැද පුදා ගත් ජනාධිපතිවරයා ඒ අසල ඇති පත්තිනි කෝවිලට ද ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. මැදවච්චිය නගරයට රැස්ව සිටි ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන් සමග ද සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

 

මේ අතර, ඊයේ දිනයට යෙදී තිබුණු ලෝක රුධිර දායකයන්ගේ දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුනා. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රුධිර දායකයන් සිදුකරන කටයුත්ත මනුෂ්‍යත්වයේ වටිනාකම නිරන්තරයෙන් සිහි කරන බවයි.

 

[MP3]s61030[/MP3]