ජිප් රථ අනතුරින් කමාන්ඩෝ කර්නල් මිය යයි.

Saturday, 15 June 2013 - 9:23

%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පුත්තලම - කරුවලගස්වැව තබ්බෝව වැව අසලදී හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අද (15) අලූයම සිදුවු අනතුරකින් යුද හමුදා කර්නල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරයෙකු මියගොස් තවත් මේජර්වරයෙකු තුවාල ලැබුවා. කරුවලගස්වැව පොලිසිය සඳහන් කළේ මියගිය කර්නල්වරයා එච්.පී.ආර්. හඳුන්පතිරණ නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි. සංජීව කුමාර මියගිය ලාන්ස් කෝප්‍රල්වරයායී. තුවාල ලැබූ හමුදා මේජර් ජේ.එම්. ජයසුන්දර පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. මිය ගිය ලාන්ස් කෝප්‍රල් සංජීව කුමාර අනතුරට ලක්වූ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙනවා.

 

මිය ගිය කර්නල් එච්.පී.ආර්. හඳුන්පතිරණ 1987 වසරේ යුධ හමුදාවට එක්ව ඇත්තේ දෙවන ලූතිනන්වරයෙකු ලෙසයි. මිය යන විට යුධ හමුදා කමාන්ඩෝ බලකායට අයත් ගනේමුල්ල කඳවුරට අනුයුක්තව සේවය කළ ඔහුට ඉදිරියේ දී කමාන්ඩෝ බලකායේ ඉහළ තනතුරක් ලැබීමට නියමිතව තිබූ බව ද යුධ හමුදා ආරංචි මාර්ග සදහන් කළා. 

[JPG]61037_1[/JPG]

[JPG]61037_2[/JPG]

[JPG]61037_3[/JPG]

[JPG]61037_4[/JPG]

[JPG]61037_5[/JPG]

[JPG]61037_6[/JPG]

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ