සන්ධාන මන්ත්‍රී ගුරුවරිය දණ ගස්වයි.

Saturday, 15 June 2013 - 12:49

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

නවගත්තේගම - ඉසුරු විද්‍යාලයේ ගුරුවරියක් පාසලේ ශිෂ්‍යාවක සම්බන්ධයෙන් ගත් විනය පියවරක් නිසා පාසල් භූමිය තුළ දණ ගස්වා තැබීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඊයේ (14) පෙරවරු කාලයේ දී පාසල් කටයුතු ආරම්භ කිරීමට පෙර නිළ ඇදුමෙහි දිග ප්‍රමාණය කෙටි වූ ශිෂ්‍යාවන් කිහිපදෙනෙකුට ඇය අවවාද කර තිබෙනවා.  

 

එලෙස අවවාද කළ ශිෂ්‍යාවන් අතර වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාර දියණිය ද සිටි බව සදහන්. අදාළ පළාත් සභා මන්ත්‍රීවරයා ද එදින පස්වරුවේ පාසලට පැමිණ සිය දියණියට විනය සම්බන්ධයෙන් අවවාද කළ ගුරුවරිය විද්‍යාල භූමිය තුළම දණ ගස්වා පරුෂ වචනයෙන් බැන වැදී තිබෙනවා. කෙසේ වෙතත්, විද්‍යාලයේ විදුහල්පතිවරයා ඒ වන විටත් රාජකාරී කටයුත්තක් සඳහා පාසලෙන් බැහැරව සිට ඇති අතර පාසලේ කටයුතු භාරව සිට ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිවරයායි. එහිදී අදාළ ගුරුවරිය තමන්ට මුහුණපෑමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

 

[MP3]s61044_1[/MP3]

 

කෙසේ වෙතත්, අදාළ චෝදනාවට ලක්වූ වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ යම් ආකාරයකින් කිසිවෙක් තමන් අදාළ ගුරුවරිය දණ ගස්වා තැබූ බවට කරන චෝදනාව තහවුරු කළහොත් සිය මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වන බවයි.

 
[MP3]s61044_2[/MP3]