කොටින් ගැන අවධියෙන් සිටින්න. - ශ්‍රී ලංකාව ජර්මනියෙන් ඉල්ලයි.

Saturday, 15 June 2013 - 12:52

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

යුරෝපා සංගමයේ තහංචි නොතකා ජර්මනියේ ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ. අනුගාමික සංවිධාන පිළිබදව අවධානයෙන් සිටින්නැයි ශ්‍රී ලංකාව ජර්මනියෙන් ඉල්ලීමක් කළා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව දැනුම් දුන්නේ ජර්මනියේ බර්ලින් නුවර දී එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ගීඩෝ වෙස්ටවෙල් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. අමාත්‍ය ජී.එල්. පීරිස් එහිදී පෙන්වා දී ඇත්තේ ප්‍රජා සංවිධාන මුවාවෙන් එල්.ටී.ටී.ඊ. අනුගාමික සංවිධාන රැසක් ජර්මනිය තුළ ක්‍රියාත්මක බවයි. එල්.ටී.ටී.ඊ. ප්‍රචාරක සහ මුදල් එක්රැස් කිරීමේ කටයුතු සඳහා ඔවුන් ජර්මනිය තුළ පාසල් කිහිපයක් පවත්වාගෙන යන බව ද අමාත්‍ය පීරිස් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ජර්මන් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව පරාජය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජර්මන් රජයට එහිදී ප්‍රශංසාව පළ කළා. යුද්ධයෙන් පසු මෙරට ක්‍රියාත්මක සංහිඳියා වැඩපිළිවෙල පිළිබද ද අමාත්‍ය පීරිස් එහිදී ජර්මන් රජයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.



පොලිසීය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් බරපතල තුවාල ලැබූ ඝාතන සැකකරුවෙකු මියයයි
Friday, 05 June 2020 - 15:47

අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර මොනරාගල - තෙනගල්ලන්ද... Read More

මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:20

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More