දිවි නසා ගත් දියණියක වෙනුවෙන් අම්මා දිවි පුදයි.

Saturday, 15 June 2013 - 18:50

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

කොස්ගොඩ - කයිකාවල දුම්රිය මාර්ගයේදී දුම්රියකට පැන සියදිවි නසාගත් තරුණියගේ මවද අද ටිපර් රථයකට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන 22 හැවිරිදි එම තරුණිය ඊයේ පස්වරු 4.30 ට පමණ සියදිවි හානිකරගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම සඳහා මියගිය තරුණියගේ  55 වියැති මව අද කොස්ගොඩ පොලීසියට පැමිණීමෙන් අනතුරුව නැවත පිටත්ව යන මොහොතේ පොලීසිය ඉදිරිපිටදී ටිපර් රථයකට පැන සියදිවි හානිකරගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔවුන්  හොරවල - විජයගම ප්‍රදේශයේ පදිංචිකරුවන්. ශෂිකා මධුෂානි නමැති මෙම තරුණිය ඊයේ සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් ඇගේ පියා වන ඞී.හැරල්ඞ් ජයවර්ධන දක්වන්නේ මෙවන් අදහසක්.

[MP3]s61064_1[/MP3]

තම නැගණිය මියයාම සම්බන්ධයෙන් මව දැඩි කනස්සල්ලෙන් සිටි බවයි ඇගේ සොහොයුරිය වන තුෂාරි ශ්‍යාමා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. එම නිසා තම මව මෙලෙස සියදිවි හානි කරගන්නට ඇතැයි ඇය සඳහන් කළා. තම මව ටිපර් රථයට පැන සියදිවි හානි කර ගන්නා අයුරු පියවි ඇසින් දුටු තුෂාරි ශ්‍යාමා එම අවාසනාවන්ත සිද්ධිය මෙසේ හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළා.
 
[MP3]s61064_2[/MP3]