17 වෙනුවෙන් විපක්ෂ නායකවරයා සටනට.

Saturday, 15 June 2013 - 18:58

17+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7.

කඩිනමින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ඇති 17 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ අද පැවති නිදහසේ වේදිකාවේ රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණයට පෙර අදාළ සංශෝධනය සිදුකළ යුතු බවයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 17 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව මෙම අදහස පළ කරන්නේ උතුරු පළාත් සභාවට අදාළව 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දැවැන්ත සංවාදයක් ඇතිව තිබෙන මොහොතකයි.

[MP3]s61066_1[/MP3]

කෙසේ වෙතත්, මේ වනවිට 13 වන සංශෝධනය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මත පවතිනවා. කෙසේ වෙතත්, ඊට එරෙහි බලවේග ශක්තිමත් බලවේග නොවන බව මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානයක්කාර ප්‍රකාශ කළා.

[MP3]s61066_2[/MP3]                                         

එහෙත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහනුවර අද පැවති රැස්වීමකදී කියා සිටියේ ආණ්ඩුව 13 වන සංශෝධනය පිළිබඳ කථා කරමින් ජනතා ප්‍රශ්න මඟ හරමින් සිටින බවයි.

[MP3]s61066_3[/MP3]                                    

පළාත් සභා ක්‍රමයට නිරන්තරයෙන් විරෝධය පළ කරන ජනතා විමුක්ති පෙරමුණ උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා වෙනම යෝජනාවලියක් සකස් කිරීමට සූදානම් වනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඒ පිළිබඳව අදහස් පළ කළ එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

[MP3]s61066_4[/MP3]                                                

කෙසේ වෙතත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කරන්නේ 13 වන සංශෝධනය ප්‍රභාකරන්ට බියෙන් රට මත පැට වූ එකක් බවයි. ඔහු මේ බව කියා සිටියේ මාතර අද පැවති රැස්වීමක් අමතමින්.

[MP3]s61066_5[/MP3]                                     



කොරෝනා නිසා නැගෙනහිර අවතැන්ව වූ ඉන්දියානුවන් 160ක් සිය රටට
Monday, 01 June 2020 - 10:20

කොරෝනා වසංගතය හේතුවෙන් නැගෙනහිර පළාතේ අවතැන්ව සිටි ඉන්දියානු... Read More

මහ මැතිවරණය ගැන පෙත්සම් සලකා බැලීම 10 වන දිනයටත්
Monday, 01 June 2020 - 10:17

ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා... Read More

කොරෝනා මරණවලින් බ්‍රසීලය හතරවන ස්ථානයට
Monday, 01 June 2020 - 9:50

ලොව හතර වන ස්ථානයට වැඩිම කොරෝනා මරණ වාර්තාවන රට බවට බ්‍රසීලය... Read More