ඉරානයේ නව ජනපති හසාන් රොව්හානි.

Sunday, 16 June 2013 - 8:24

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.

ඉරානයේ නවීකරණයක් අපේක්ෂා කරන හසාන් රොව්හානි එරට ජනාධිපතිවරණයෙන් පැහැදිළි ජයක් අත්කරගෙන සිටිනවා. ඡන්දය ප්‍රකාශ කළ මිලියන 36 ඉක්මවූ ඉරාන ඡන්ද දායකයන් අතුරෙන් මිලියන 18 කට වැඩි පිරිසක් කැමැත්ත පළ කළේ රොව්හානිටයි. ඔහු සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීම නිසා ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වීම අවශ්‍ය වන්නේ නැහැ. මහමුද් අහමඩිනෙජාඞ්ට පසුව ඉරානයේ නායකයා තෝරා පත්කරගැනීම සඳහා මිලියන 50 ක් පමණ වූ ඉරාන ඡන්ද දායකයන්ගෙන් සියයට 72 කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළා. ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි අගෝස්තු 3 වැනිදා රොව්හානිගේ පත්වීම අනුමත කිරීමට නියමිත අතර ඉන්පසුව ඔහු පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ඇති. මතබේදකාරී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇති රොව්හානිගේ ජයග්‍රහණය පිළිබඳව බටහිර රටවල්ද ප්‍රසාදය පළ කළා. විශේෂයෙන් 34 වසරක් තිස්සේ ඉරානය සමග සබඳතා පළුදු වී ඇති ඇමරිකා එක්සත් ජනපදය කියා සිටියේ එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඍජු සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බවයි. සිකුරාදා පැවති ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අන්තවාදය පරදවා මධ්‍යස්ථ භාවය ලැබූ ජයක් ලෙස නව ජනාධිපති හසාන් රොව්හානි හැඳින්වූවා.



කළු ජාතිකයාගේ මරණයත් සමග ඇමරිකාවේ ඇතිවූ ගැටුම් වාර්තා කල CNN මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට
Friday, 29 May 2020 - 17:35

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේදී... Read More

දකුණු කොරියාවේ පාසල් යළි වැසේ
Friday, 29 May 2020 - 15:36

නව කොරෝනා වෛරස් ආසාදිත පොකුරු වාර්තාවීමත් සමග දකුණු කොරියාව... Read More

ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More