අන්තවාදී ප්‍රහාරයකින් පාකිස්ථාන සරසවි සිසුවියන් ඇතුලූ 24 ක් මරුට.

Sunday, 16 June 2013 - 8:26

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+24+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



බටහිර දිග පාකිස්ථානයේ ක්වෙටා නගරයේදී අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් ඊයේ එල්ල කළ ප්‍රහාරයකදී සරසවි සිසුවියන් ඇතුලූ 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. සන්නද්ධ කණ්ඩායම මුළින් සරසවි සිසුවියන් ගමන් ගත් බස් රථයක් පුපුරුවා ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී සිසුවියන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබූවන් ඇතුළත් කළ රෝහලටද සන්නද්ධ පිරිස පසුව ප්‍රහාරයක් එල්ල කළා. එහිදී හෙදියන් ආරක්ෂකයන් ඇතුලූ තවත් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පාකිස්ථානයේ අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන ලෂ්කාර් - ඉ -  ජාන්ග්වි මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන තිබෙනවා. 2009 වසරේ පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රහාරයක් එල්ල කළේද මෙම කණ්ඩායමයි.



ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More