ත්‍රස්තවාදීන්ගේ ප්‍රතිරූප ගොඩනගන්න එපා. ශ්‍රී ලංකාව ඉල්ලයි.

Sunday, 16 June 2013 - 12:41

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ත්‍රස්තවාදී සංවිධානවල ලාංඡන, සංකේත සහ තේමාවන් තොරතුරු තාක්ෂණ නිදහස උල්ලංගනය කරමින් යොදාගැනීම වැළැක්වීමට කටයුතු කළ යුතු බව ජිනීවා හි ශ්‍රී ලංකා නියෝජිත රවිනාථ ආරියසිංහ පෙන්වා දෙනවා. ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සිවිල් සංවිධානවල මුවාවෙන් සම්පත් එක් රැස්කිරීමේ හැකියාව වැළැක්විය යුතුයි. ත්‍රස්ත විරෝධී ගෝලීය ක්‍රමෝපායන්හිදී මේ සඳහා ප්‍රමුඛත්වයක් හිමිවිය යුතු බවයි ජගත් සංවිධාන ජිනීවා කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කළේ. එවැනි පියවර තුළින් ත්‍රස්තවාදී සංවිධානවලට ප්‍රතිරූප ගොඩනැංවීමේ හැකියාව වැළැක්විය යුතු බව ඔහු අවධාරණය කළා.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංගණය කරන මෙම කණ්ඩායම් ඔවුන්ට කිසිසේත්ම නොලැබිය යුතු ප්‍රභාවක් ගොඩනගමින් සිටිනවා. එම තත්ත්වය වැළැක්වීමෙන් තොරව ත්‍රස්තවාදයට එරෙහි ලෝක සටන සාර්ථකවීම පිළිබඳව මතුවන්නේ සැකයක්. මෙහිදී ඇතැම් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහි දැඩි පියවර ගන්නා අතරතුර තවත් කණ්ඩායම් කෙරෙහි දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමක්ද දැකිය හැකියි. ජිනීවා හි ශ්‍රී ලංකා නියෝජිත රවිනාථ ආරියසිංහ මේ බව ප්‍රකාශ කළේ ජුනි 13 වැනිදා සහ 14 වැනිදා  ජිනීවා නුවර පැවති ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා කලාපීය සහයෝගීතාව ගොඩනැංවීම තේමා කරගත් සමුළුවක් අමතමින්. එය සංවිධාන කර තිබුණේ එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත මර්දන කාර්ය සාධක බලකාය විසින්.
 
ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවක් ගොඩනැගිය යුතු බව ශ්‍රී ලංකාව වටහා ගත්තේ 2011 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර සිටම බවයි. යුද්ධය නිමාවී ඇතත් ත්‍රස්තවාදයෙන් සිදුවන හානිය ශ්‍රී ලංකාවට අමතක වී නැතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකාවේදී යුදමය වශයෙන් පරාජය කළ එල්.ටී.ටී.ඊ. ය යුරෝපා අගනුවරවල තවදුරටත් ක්‍රියාත්මක වන බව රවිනාථ ආරියසිංහ මෙහිදී පෙන්වා දුන්නා.