බස් ගාස්තු සංශෝධනය ගැන හෙට සාකච්ඡාවක්.

Sunday, 16 June 2013 - 12:54

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී හෙට පැවැත්වෙනවා. වාර්ෂිකව ජූලි මස පළවැනිදා බස් ගාස්තු සංශෝධනය කළ යුතුයි. මෙම සාකච්ඡාව සඳහා බස් සංගම්වලට ආරාධනා කර ඇති නමුදු තම සංගමය ඊට සහභාගි නොවන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළා.

[MP3]s61101_1[/MP3]

කෙසේ වෙතත් හෙට (17) පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධනගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන සාකච්ඡාවට බස් වෘත්තීය සමිතිවලට ආරධනා කර නොමැති බවයි. එය බස් සමාගම් සඳහා පමණක් පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කළා.

[MP3]s61101_2[/MP3]