වයඹ සහ මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කොළඹට.

Monday, 17 June 2013 - 7:53

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7.

මධ්‍යම සහ වයඹ පළාත් සභාවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (17) දිනයේ කොළඹට කැදවා තිබෙනවා. මෙම සාකච්ඡාවට අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. විශේෂයෙන් වයඹ සහ මධ්‍යම පළාත් සභා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කළේ.

වයඹ සහ මධ්‍යම පළාත් සභා එළඹෙන 21 වැනි සිකුරාදා විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා. මේ අතර, මෙම පළාත් සභා දෙක ලබන 24 වන සඳුදා දිනයේදී විසුරුවා හැරීම පිළිබඳ ද රජයේ අවධානය යොමුව තිබෙනවා. වයඹ සහ මධ්‍යම පළාත් සභාවල නිළ කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේයි.  

කෙසේ වෙතත්, උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා  ජන්ද විමසීම එකම දිනකදී පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය දැනටමත් යොමුව අවසන්. ඒ සම්බන්ධයෙන් පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ද අනුමැතිය හිමි වුණා. බොහෝදුරට පළාත් සභා ජන්ද විමසීම සැප්තැම්බර් මස 7 හෝ 21 යන දින දෙකෙන් එකකදී පවත්වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. මැතිවරණ පනතට අනුව පළාත් සභා විසුරුවා හැර සතියක් ඇතුළත නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කරනවා. එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර සති දෙකකින් පසුවයි නාමයෝජනා කැඳවනු ලබන්නේ. නාමයෝජනා කැඳවන අවසන් දිනයේ සිට සති 5 ත් 8 ත් ඇතුළත ඡන්ද විමසීම පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

මේ අතර, උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ජන්ද විමසීම සදහා මැතිවරණ මහලේකම් කාර්යාලය මේ වන විටත් සූදානමින් සිටිනවා. එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද පෝරම සහ නාම යෝජනා කැදවීමට අදාළ ලේඛන මුද්‍රණ කටයුතු සඳහා අද රජයේ මුද්‍රණාලයට භාර දෙන බවයි.

එළඹෙන පළාත් සභා මැතිවරණයට පවතින සූදානම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රධාන දේශපාලන පක්ෂවලින් විමසීමක් කළා.

එක්සත් ජාතික පක්ෂය  ඕනෑම මොහොතක පළාත් සභා මැතිවරණයට මුහුණදීමට සූදානමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා කියා සිටියේ.

[MP3]s61135_1[/MP3]

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ සූදානම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s61135_2[/MP3]

රජය  ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයකදී විශ්වාසනීයව එයට මුහුණදීමට සූදානමින් සිටින බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සදහන් කළා.

[MP3]s61135_3[/MP3]

මේ අතර, පැෆරල් සංවිධානය ප්‍රකාශ කළේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.
 
[MP3]s61135_4[/MP3]



තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More