මෙරට සහල් පරිභෝජනයට සුදුසුයි. වී පර්යේෂණායතනය.

Monday, 17 June 2013 - 12:53

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA.

මෙරට සහල්වල විෂ සහිත බැර ලෝහයක් වන කැඞ්මියම් සුළු වශයෙන් අන්තර්ගතවී ඇතැයි බතලේගොඩ වී පර්යේෂණායතනය සිදුකළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. කෙසේ වෙතත් එම ප්‍රමාණය සෞඛ්‍යයට අහිතකර නොවන බවයි බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ එස්.ඩබ්ලිව්. අබේසේකර කියා සිටියේ. මෙරට සහල්වල කැඞ්මියම් සැළකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතවී ඇති බව පර්යේෂණයකින් අනාවරණ වී ඇතැයි ඇමරිකානු ජාතික විද්‍යා සඟරාව පසුගියදා හෙළිදරව් කළා. සහල් පරිභෝජනය කරන රටවල් 12 ක් අතුරෙන් බංග්ලාදේශය හැරුණුකොට දෙවනුව වැඩිම කැඞ්මියම් ප්‍රමාණයක් අඩංගු වන්නේ මෙරට සහල්වල බව එහි සඳහන්ව තිබුණා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බතලේගොඩ වී පර්යේෂණ ආයතනයෙන් කළ විමසීමකදියි එහි අධ්‍යක්‍ෂවරයා ඉහත අදහස් පළකළේ.

[MP3]s61155_1[/MP3]

රටවල් 5 ක පරීක්ෂණ කණ්ඩායමක් විසින් එම පර්යේෂණය සිදුකර ඇති අතර එම සහල් පරීක්ෂාවට ලක්කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඇබර්ඞීන් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයක් තුළයි. පරීක්ෂණය සඳහා බ්‍රිතාන්‍ය, බංග්ලාදේශය, චීනය, ඝානා රාජ්‍යයේ විශේෂඥ කණ්ඩායමකට අමතරව රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ විද්‍යාඥයින් කණ්ඩායමක්ද සහභාගි වුණා. ඊට සහභාගි වූ  පාරිසරික විෂවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල ද සිල්වා කියා සිටියේ මෙම පරීක්ෂණය සඳහා විශේෂයෙන් යොදා ගැනුනේ උතුරු මැද පළාත කේන්ද්‍රකොට ගෙන නිෂ්පාදිත සහල් බවයි.

[MP3]s61155_2[/MP3]

කෙසේ වෙතත් කැඞ්මියම් සහල් තුළ අන්තර්ගතවී තිබුණද එහි නිවුඞ්ඩ ඉවත් කිරීමෙන් එම ප්‍රමාණයද අඩුකරගත හැකි බවයි බතලේගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ එස්.ඩබ්ලිව්. අබේසේකර පෙන්වා දුන්නේ.

[MP3]s61155_3[/MP3]