පොලිස් පහරදීමකින් හොරණ තරුණයෙකු රෝහලේ.

Monday, 17 June 2013 - 18:32

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.

හොරණ - අගුරුවාතොට කඳන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට පොලීසිය විසින් සිදුකළ පහරදීමකින් ඔහු රෝහල්ගත කර තිබෙනවා. තරුණයාගේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අමානුෂික අන්දමින් අගුරුවාතොට පොලිස් නිලධාරීන් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි. පහරදීමෙන් තරුණයාගේ කණට බරපතල ලෙස හානි සිදුවීම හේතුවෙන් ඔහු හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සෙනසුරාදා හොරණ - බැල්ලපිටිය මං සන්ධියේ සිට නිවස කරා පැමිණෙමින් සිටියදී මාර්ගය අසළ සිටි පොලිස් නිලධාරීන් මෙම පහරදීම සිදුකර ඇති බව සදහන්. පොලිස් නිලධාරීන් තරුණයාගේ ජාතික හැදුනුම්පත ඉල්ලා ඇති අතර, එය තරුණයා විසින් පොලිස් නිළධාරීන් වෙත ලබා දීමෙන් පසුව අමානුෂික ලෙස කණ පෙදෙසට පහර එල්ල කර ඇති බවයි තරුණයාගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ හොරණ - කඳන ප්‍රදේශයේ පදිංචි සහන් දිලාර නැමැති 19 හැවිරිදි තරුණයෙක්.

 

තම පුතුට මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත තත්ත්වය පිළිබදව ඔහුගේ මව වන ඒ.ඞී. රේනුකා හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s61179[/MP3]                                                                                   

 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අඟුරුවාතොට පොලීසියෙන්ද විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊට අදාළ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවයි.



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More