ගුරුවරියක දණ ගැස්වූ මන්ත්‍රීට ඉල්ලා අස්වන්නැයි පක්ෂයෙන් දන්වයි.

Monday, 17 June 2013 - 18:43

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියක් දණගැස්සවීමේ චෝදනාවට ලක්ව සිටින වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දන්වා තිබෙනවා. එම පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අදාළ ගුරුවරියගෙන් සමාව ගන්නා ලෙසද පක්ෂයෙන් මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බවයි. එමෙන්ම ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ඔහුට අපේක්ෂකත්වය ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව තීරණයක් ගනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සදහන් කළේ.

 

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ පාසල් ගුරුවරියට කායික සහ මානසික හිංසා කළ බව කියන මන්ත්‍රීවරයාට එරෙහිව ගත හැකි ඉහළම විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බවයි. එමෙන්ම ගුරුවරිය දණ ගැස්වීමේ සිද්ධිය ඉතාමත් පිළිකුල් සහ නින්දාසහගත ක්‍රියාවක් වශයෙන් හෙළා දකින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

 

තමාට අද (17) උදෑසන දුරකථනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමතුමක් ලබාදුන් බව දණ ගැස්වූ බව කියන නවගත්තේගම නවෝද්‍යා මහ විද්‍යාලයේ එච්.එම්. ප්‍රියානි සුසිලා හේරත් ගුරුවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා. අදාළ පළාත් සභා මන්ත්‍රීවරයාට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තමාට පැවසූ බවයි අදාළ ගුරුවරිය වැඩිදුරටත් කියා සිටියේ.

 

[MP3]s61181_1[/MP3]                                                         

 



පළාත් සභා මන්ත්‍රීවරයා යළිත් ලබන 27 වන දා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු රංග දිසානායක අද (17) නියෝග කළා. ඒ සිද්ධියට අදාළ නඩුව අද (17) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ දී යළි විභාගයට ගැනීමෙන් අනතුරුවයි. මොහු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ දී ලංකා ගුරු සංගමය අධිකරණය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. එමෙන්ම මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ගුරුවරිය සේවය කරන විද්‍යාලයේ සහ අවට පාසල් කිහිපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී ඇති වූ නොසන්සුන්තාවක් මත උදෑසන 10.00ට පමණ පාසල වසා දැමීමට පාසල් බලධාරීන් තීරණය කළා. සමස්ත ලංකා කාර්යයේ නියුතු ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගේ සංගමය ද පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මෙම සිද්ධියට විරෝධය පළ කළා.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (16) කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන රැළියකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

[MP3]s61181_2[/MP3]                                                                                  

 

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා හෙට්ටිපොළ පැවැති ජන හමුවකදී මෙවැනි පුද්ගලයන්ට ලබාදිය යුතු දඩුවම් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s61181_3[/MP3]                                                                                        

 



මේ අතර, කොළඹ අද (17) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී ද අදහස් පළ වුණා. එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක.

[MP3]s61181_4[/MP3]                                            

 

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පළාත් සභා මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අද (17) හෝමාගම පැවැති උත්සවයකදී අදහස් පළ කළා.

 
[MP3]s61181_5[/MP3]      



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More