නවගත්තේගම ගුරුවරිය වෙනුවෙන් හෙට රටපුරා උද්ඝෝෂණ.

Tuesday, 18 June 2013 - 8:17

%E0%B6%B1%E0%B7%80%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.



නවගත්තේගම නවෝද්‍යා මහ විද්‍යාලයේ ගුරුවරියක් දණ ගැස්වීමට විරෝධය පළ කරමින් හෙට සිට දීප ව්‍යාප්තව උද්ඝෝෂණ පැවැත්වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. තම දියණියට අවවාද කළ බැවින් වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පසුගිය සිකුරාදා නවගත්තේගම නවෝද්‍යා මහ විද්‍යාලයේ එච්.එම්. ප්‍රියානි සුසිලා හේරත් ගුරුවරිය දණ ගස්වා තිබුණා. පසුව අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරයා ඊයේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

 

මේ අතර පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ දන්වා සිටියා.

 

තමන් සිදුකිරීමට නියමිත උද්ඝෝෂණ මාලාව පිළිබදව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ජෝශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස පැහැදිලි කළා.

 

[MP3]s61198_1[/MP3]
 

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අදාළ පළාත් සභා මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඊයේ හෝමාගම පැවැති උත්සවයකදී අදහස් පළ කළේ මෙලෙසින්.

[MP3]s61198_2[/MP3]