ඉරානය ලෝකයට විවෘතවන්න සූදානම්.

Tuesday, 18 June 2013 - 8:22

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.



ලෝකය සමග විවෘත සහ ඵලදායී අන්තර් සබඳතාවක් ගොඩනැගීමට සූදානම් බව ඉරානයේ නව ජනාධිපති හසාන් රොව්හානි ප්‍රකාශ කළා. රටේ ආර්ථිකය ගොඩනැගීමට ප්‍රමුඛත්වය හිමිවනවා. ඉරානයේ ඇමරිකානු සබඳතා පැරණි තුවාලයක් ලෙස හැඳින්වූ නව ජනාධිපතිවරයා කියා සිටියේ එය සුවපත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි. ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසු සිය ප්‍රථම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හසාන් රොව්හානි ඊයේ සඳහන් කළේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පුළුල් විවෘත භාවයකින් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි. ඉරානය සහ බටහිර ලෝකය අතර පවතින අර්බුදයට මූලික හේතුවක් වන්නේද එරට න්‍යෂ්ටික වැඩසටහනයි. නව ජනාධිපති රොව්හානි සඳහන් කළේ මේ හේතුවෙන් බටහිර රටවල් විසින් ඉරානයට සම්බාධක පැනවීම අසාධාරණ බවයි. මේ අතර උතුරු අයර්ලන්තයේ පැවැත්වෙන ජී අට සමුළුවට සහභාගි වන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ඉරාන න්‍යෂ්ටික අර්බුදයට සාකච්ඡාමය විසඳුමක් ලබාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළා.