ප්‍රාදේශීය මන්ත්‍රි පුතෙක් විදුහල්පතිවරයෙකුට පහරදෙයි.

Tuesday, 18 June 2013 - 12:58

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

වයඹ පළාත් සභාවේ මාසික රැස්වීම අද උණුසුම්කාරී තත්ත්වයක් ගෙන තිබුණා. ඒ, වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් පාසල් ගුරුවරියක දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් සභා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කිරීමත් සමගයි. අද පෙරවරු 10 ට පළාත් සභාවේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී පෞද්ගලික කරුණු දැක්වීම යටතේ විපක්ෂ නායක ශමල් සෙනරත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳව මීට වඩා සැලකිලිමත් වියයුතු බව ප්‍රකාශ කළා. දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මන්ත්‍රිවරයාගේ ක්‍රියාකලාපය නිසා සියලූම මන්ත්‍රීවරුන්ගේ නමට හානි සිදුවන බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයාගේ අදහස් පළ කිරීමත් සමග සභාවේ දැඩි උනුසුම්කාරී තත්වයක් ඇතිවූ අතර පසුව පළාත් සභාවේ කටයුතු විනාඩි 43 කට සීමා වුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ශමල් සෙනරත්.

[MP3]s61221_1[/MP3]

වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අද මධ්‍යම පළාත් සභාවේ මාසික රැස්වීම අතරතුරද සාකච්ඡාවී තිබෙනවා. එහිදී පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් මෙම සිද්ධියට විරෝධය පළ කර අතර ඔවුන් කියා සිටියේ මහ ඇමති සමුළුවක් කැඳවා අදාළ පාසල් ගුරුවරියගෙන් සමාව ගතයුතු බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට විරෝධය පා නාරම්මල මයුරපාද මධ්‍යමහා විද්‍යාලය සහ මයුරපාද කනිෂ්ට විද්‍යාලයේ ගුරුවරුන් දහවල් කෑම විවේකයේදී සාමකාමී විරෝධතාවයක නිරතවුණා. එහිදි අදහස් දැක්වූ ගුරුවරයෙක්.

[MP3]s61221_2[/MP3]           

මේ අතර අනුරාධපුර නිවත්තක චේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම විද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් පහරදී තිබෙනවා. පහරදුන් ශිෂ්‍යාගේ පියා මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවයි වාර්තාවන්නේ. මේ පහරදීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු.

[MP3]s61221_3[/MP3]              



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More