මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු උසාවියට.

Wednesday, 19 June 2013 - 12:53

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.

අතුරුදන්වූ බව කියන මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුට ජූලි 16 අධිකරණයේ පෙනී සිටින්නැයි හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද (19) නියෝග කළා. ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් අනුවයි.

 

අතුරුදන්වූ බව කියන මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බවට අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ මස 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. ඉන් අනතුරුව, 7 වැනිදා ද යළිත් ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ප්‍රංශයේ ජීවත් වන මාධ්‍යවේදී මංජුල

වෙඩිවර්ධන නමැති තම මිත්‍රයා ප්‍රංශයේදී තමන්ට ප්‍රදීප් එක්නැලිගොඩ යනුවෙන් නම් කර පුද්ගලයෙකු පෙන්වූ බවයි.

 

අනතුරුව, අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විවිධ මාධ්‍යයන්ට ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයන් රැසක් සිදුකළා.

 

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අද නඩුව කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ඔහුට සිතාසි නිකුත් කරන ලෙසයි. එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරල සිය අදහස් ඉදිරිපත් කළා. අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිසා ඔහුගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ නොවන ආකාරයෙන් සාක්ෂි සඳහා අධිකරණයට කැඳවීමට විරුද්ධත්වයක් නොමැති බව, නීතීඥවරයා කියා සිටියා. පසුව නීතීඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කළේ මන්ත්‍රීවරයාව අධිකරණය කැඳවන්නේ විවිධ මාධ්‍යයන්ට මේ සම්බන්ධයෙන් කළ  ප්‍රකාශ පිළිබඳ සාක්ෂි විමසීමට බවයි. එම නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ නොවන බව ද ඔහු කියා සිටියා.

 

මේ මස 15 වැනිදා හිරු ප්‍රවෘත්ති හාඞ් ටෝක් විශේෂාංගයට සම්බන්ධ වෙමින් ප්‍රදීප් එක්නැලිගොඩ සිද්ධිය පිළිබඳ තමන් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දැක්වූ අදහසයි මේ.

 
[MP3]s61308[/MP3]             



සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More

ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂය අභියස
Monday, 25 May 2020 - 7:27

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 54 ලක්ෂ 97,000 ඉක්මවා... Read More

කොවිඩ් ගැන දැඩිව නිරීක්ෂණ කටයුතුවල නිරතවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක
Monday, 25 May 2020 - 7:24

කොරෝනා වෛරසය තවදුරටත් සමාජය තුළ පවතින්නේ ද, සෞඛ්‍ය ආරක්ෂික... Read More