වෛද්‍යවරයාගේ පිහි පහරින් තුවා ලැබූ ආචාර්යවරියට සැත්කමක්.

Wednesday, 19 June 2013 - 19:11

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

නාවල විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී පිහි ඇණුමකට ලක්වූ එම විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ අංශාධිපතිනිය වන යශෝධරා කදිරගාමර්තම්බි හදිසි සැත්කමකට භාජනය කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ  බරපතල කැපුම් තුවාල සහිතව රෝහලට ඇතුළත් කළ ඇය මේ වනවිට හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. 

අද දහවල් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ පිළිගැනීම් අංශය ඉදිරිපිටදී ඇයට මෙම පිහි ඇණුම සිදුකර තිබුණේ එම විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හදාරණ ශිෂ්‍යයෙකු විසින්. ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන මෙම නීති ශිෂ්‍යයා යාපනය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ශිවඥානසුන්දරම් සුරේන්ද්‍රජිත් නැමැත්තෙක්.

කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු නීති විෂයක් සඳහා ඉදිරිපත් කළ යුතු ව්‍යාපෘති වාර්තාවක් නියමිත දිනය පසුවී තිබියදී ඊයේ භාරදීමට පැමිණ තිබෙනවා. එහෙත් විශ්වවිද්‍යාල නීතිරීති අනුව අංශාධිපතිනිය එය භාරගැනීම ප්‍රතික්ෂේප කලා.  ඊට පළිගැනීමක් ලෙස ඔහු මෙම පිහි ඇනුම සිදුකර ඇති බවටයි පොලීසිය සැකකරන්නේ.  

ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් පැහැදිළි කරන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ.

[MP3]s61334_1[/MP3]

අද නාවල විවෘත විශ්වවිද්‍යාලය තුළ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එහි උපකුලපති ආචාර්ය විජිත නානායක්කාරගෙන්ද විමසීමක් කළා.

[MP3]s61334_2[/MP3]                                    

පිහි ඇණුම සිදුවන අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ද හිරු ප්‍රවෘත්ති අංශයට සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

[MP3]s61334_3[/MP3]                                                

පිහි ඇනුම සිදු කිරීමෙන් අනතුරුව සැකකරු කිසියම් පෙති වර්ගයක් පානය කර සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබෙනවා. එහෙත් අවට සිටි සිසුන් සැකකරු අල්ලා පොලීසිය වෙත භාරදී ඇති අතර ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලේයි. සැකකරුගේ තත්ත්වය බරපතල නොවන බවයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් සඳහන් කළේ.

[MP3]s61334_4[/MP3]                            

කෙසේ වෙතත් ඉදිරියේදී විශ්වවිද්‍යාලය තුළට සිසුන් ඇතුළත් කරගැනීමේදී පරීක්ෂාවට ලක් කිරීමට සිදුවනු ඇති බවයි එහි උපකුලපති ආචාර්ය විජිත නානායක්කාර ප්‍රකාශ කළේ.
 
[MP3]s61334_5[/MP3]