වික්ටෝරියා සහ කුකුළේගඟ බලාගාරවලින් මි. 300 ක් අපතේ.

Thursday, 20 June 2013 - 7:55

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%9A%E0%B6%9C%E0%B6%9F+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92.+300+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A.

වික්ටෝරියා සහ කුකුළේගඟ විදුලි බලාගාරවල පවතින විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මිලියන 300 ක පමණ මුදලක් අපතේ යන බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසනවා. එම සංගමයේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ක්‍රියාත්මක වන විදුලි බලාගාරයේ මෙගාවොට් 60 ක පමණ විදුලි ජනන යන්ත්‍රයක් හේතුවක් නොමැතිව ක්‍රියාත්මක නොකිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.   

 

[MP3]s61351_1[/MP3]

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර.

 

[MP3]s61351_2[/MP3]

 
මේ පිළිබඳව විමසීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩුගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණේ ඔහු විදෙස්ගතව සිටි බැවින්. අනතුරුව විදුලිබල සහ බලශක්ති ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චිගෙන්ද විමසීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වුණා.